බැසිල් රාජපක්ෂට අධි චෝදනා


(ෂෙහාන් චාමික සිල්වා)

2014 වසරේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර  රුපියල් කෝටි දෙකක් රජයට පාඩු කළැයි හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණයේ අද (15) අධි චෝදනා ගොනු කැරිණි.

ඔහුට  රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂ පහ බැගින් වු ශරිර ඇප දෙකක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය. ඇඟිලි සළකුණු ලබා ගැනිමට  ද මහේස්ත්‍රාත්වරයා නියෝග කැරිණි.

නඩු විභාගය තීරණය කිරිම මැයි 24 වැනි දා නඩුව යළි කැඳවිමට නියමිතය.