බැසිල් යළි රිමාන්ඩ්


දිවි නැගුම මුදල් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු  සිව් දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් අද යළි ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

ඔවුන්ගේ ඇප ඇයැදුම එදිනට සලකා බැලීමට ද නියමිතය.

බැසිල් රාජපක්ෂ අදත් ගිලන් රියකින් ගොස් ගිලන් රියේම සිටියේය.

ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටලු ලේකම් නිහාල් ජයතිලක, දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්. ඒ. කේ. රණවක, දිවි නැගුම බැංකුවේ සභාපති පී. බී. තිලකසිරි සෙසු සැකකරුවෝය.

බැසිල් සිටි ගිලන් රියට මහේස්ත්‍රාත් පැමිණියේය. එම ගිලන් රියට මීටර් 50 ක් 60 ක් ඈතින් ප්‍රධාන මාර්ගයේ 100ක් පමණ කාන්තාවෝ විරෝධතා පුවරු ඔසවාගෙන බැසිල්ට පක්ෂව කෑකෝ ගැසූහ.

(ඡායාරූප ඉෂාන් සංජීව)

_DSC0009 _DSC0021 _DSC0035 _DSC0045 _DSC0053 _DSC0070 _DSC0085 _DSC0092 _DSC0109 _DSC0111 01