දිවි නැගුම මුදල් වංචා කළැයි සැකපිට හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලක හා දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.කේ රණවක යන පිරිස අද (5) කඩුවෙල අධිකරණයට ගෙන එනු ලැබූහ.
බැසිල් රාජපක්ෂ ගිලන් රියකින්ද සෙසු දෙදෙනා බන්ධනාගාර රියකින්ද අධිකරණ භූමියට ගෙන එනු ලැබූහ. බැසිල් ගිලන් රියේම සිටියේය.
ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැන්වූයේ ඔහු හදවත් රෝගයකින් පෙළෙන බවයි. ආඝාත තත්ත්වයක් ගැනද නීතිඥවරු කියා සිටියහ.
අධිකරණය මිනිත්තු 15 කට කල් තැබිණි.

