දිවි නැගුම මුදල් වංචා කළ බව කියන හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හා දිවි නැගුම සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිව නඩුව ජුලි 22 විභාග කිරිමට මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක මහත්මිය නියම කළාය.
බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසට රුපියල් ලක්ෂ පහ බැගින් ද රුපියල් ලක්ෂ පනහ බැගින් ශරිර ඇප ද නියම විය.
ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර තහනම් කළ අධිකරණය විදේශ ගමන් බලපත්‍ර උසාවි බාරයට ගත්හ. බැසිල් රාජපක්ෂ අද (10) පෙරවරුවේ අධිකරණයට පැමිණ සිටියේය.
ඡායාරූප - ඉෂංක සුනිමල්





