පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට පත් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ අද මධ්‍යහන 12ට පමණ මාතරට රැගෙන ගියේය.
දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ඔහු මාතරට රැගෙන ගොස් මාතර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.
මාතර උසාවි භූමිය අවට මේ වනවිට ආරක්ෂක රැකවල් යොදා ඇති අතර බැසිල් රාජපක්ෂගේ ඥාති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද උසාවි භූමියට පැමිණ සිටී.
බැසිල් අත්අඩංගුවට පෙ.ව. 11.36
හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් අතර ඔහු මාතර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට යයි.
ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර කරා රැගෙන යන බව පොලිසිය කියයි. මාතර සිදුවූ බව කියන අයථා ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් ඔහු අද (12) මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බැසිල් එෆ්සීඅයිඩියට කැඳවයි - පෙ.ව.10.50
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (12) කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇතැයි එහි ආරංචි කියයි.
බැසිල් රාජපක්ෂ මාතර බ්‍රවුන්ස්හිල් හි අක්කර එක හමාරක ඉඩමක් මිලදී ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වත්කම් ප්‍රකාශ කර නැතැයි ඔහුට එරෙහිව මාතර උසාවියේ නඩුවක්ද පවතී.





![20160512_120406_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_120406_resized1.png)
![20160512_120343_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_120343_resized1.png)
