බැසිල්, ඩලස්, කරුණා ඉවතට


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් ලෙස පසුගිය රජයේ කටයුතු කළ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, හිටපු භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම මහත්වරුන්ටත් තම තනතුරු අහිමිවිය. කොටි සංවිධානයේ නැගෙනහිර නායකයාව සිට පසුව දේශපාලනයට පිවිසි විනයාගමර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ධූරය ද අහිමිවිය. අද සවස බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී නව නිලධාරි මණ්ඩලය පත්කැරිණි.