- බගවන්තලාව රොබිගල් වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් පස් දෙනකු ඇතුළු හත් දෙනකු බඹර ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කැර ඇතැයි පොලිසිය කියයි.
- හබරණ පොළොන්නරුව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කැබ් රථයක දොර ඇරී පිටතට විසිවූ පුද්ගලයකු (91) මියගොස් ඇතැයි පොලිසිය කියයි.
- අලවතුගොඩ අකුරණ ගරාජයක ඇතිවූ ගින්නක් මහනුවර ගිනි නිවීමේ ඒකකය විසින් මැඩපැවැත්වූ බවත් එහි තිබූ වාහන දෙකක් විනාශ වී ඇති බවත් පොලිසිය කියයි.
- කොක්කඩිචෝලේ කෝවිලක පැවති තේරු උත්සවයක දී කරත්තය ඇදගෙන ගිය පුද්ගලයකු එහි රෝදයට යටවීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

