බැලු බැල්මට


  • මොරගහකන්ද මහවැලි ව්‍යාපාරයේ චීන ජාතිකයන් දෙන්නෙකුට මැර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි නාවුල පොලීසිය  කියයි සැකකරුවන් දෙන්නෙක් අත්අඩංගුවට ගෙන ඇත.
     
  • බුලත්සිංහල ප්‍රාදේශිය සභා සභාපති ඉන්දික හේවගේ මහතා පදවාගෙන ආ කැබි රියේ හැපී යතුරුපැදිකරුවකු අගලවත්ත පහළවෙල්ගමදී තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
     
  • මිනුවන්ගොඩ බෝක්කුවක් යටින් නාඳුණන මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය කියයි.
     
  • මහරගම නිවසක තරුණයන් හත් දෙනකු සහ 17 හැවිරිදි තරුණියක මත් පැන් බෝතල කිහිපයක් ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
     
  • ත්‍රිරෝද රථ රියදුරකු ,කැබ් රියදුරකු හා ගරාජ් හිමියකු එහි සිටි බවත් තරුණියට ද මත් පැන් පොවන්නට ඇතැයි පොලීසිය සැක කරයි
    අතවරයක් වීමට කලින් ඇය බේරා ගන්නට හැකි වු බව පෙනේ යැයිද පොලීසිය පවසයි.