බැරිම තැන විදුහල්පතිට මාරු


ගම්පහ මිශ්‍ර  පාසලක විදුහල්පතිවරයකු ස්ථාන මාරු ලිපිය ලැබී මාස දෙකකට පසු අද (19) වැඩබාර දුන් බව පළාත් අධ්‍යාපන බලධරයෝ කියති. බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකය සහ ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සිදුකළ විමර්ශන දෙකකදී ඔහු ස්ථාන මාරු කිරීමට නිර්දේශ කළහ.

පසුගිය පෙබරවාරි මාසයේ සිදු කළ එම විමර්ශන දෙකෙන් විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන්ද, පාසල් සේවකයකු ද ස්ථාන මාරු කරන ලෙසත්, පාසල් පරිපාලනයට අනිසි ලෙස මැදිහත්වන ආදි ශිෂ්‍යයන් වෙතොත් ඔවුනට අවවාද කර ලිපි නිකුත් කරන ලෙසත් නිර්දේශ කර තිබිණි.

මේ මාරුව පමා කරතියි   ගුරු සංගම් සහ පාසලට සම්බන්ධ පිරිස් විරෝධය ද දැක්වූහ.

 විදුහල්පති ස්ථානමාරු කළා සේම පළාත් විශේෂ විමර්ශන ඒකකය සහ කලාප අධ්‍යාපන කාර්යාලයය ලබා දුන් සෙසු නිර්දේශද හැකි ඉක්මණින් ක්‍රියාත්මක කළ යුතු  බව ගුරු සංගම් කියයි.