(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
බැඳුම්කර වෙන්දේසියට අදාළව කරනු ලබන පරීක්‍ෂණවලදී තවත් කරුණු හතරක් පිළිබ`දව පරීක්‍ෂා කරන ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්ධුල ගුණවර්ධන මහතා බැ`දුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් එහි කොමසාරිස්වරුන්ගෙන් ඊයේ (09* ඉල්ලා සිටියේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
2015 පෙබරවාරි 28 වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කොට ඇත.
කොමිසමේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පදිංචි ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්ධුල චන්ද්‍රසිරි ගුණවර්ධන (62) මහතා සාක්කි දෙමින් මෙසේද කීය.
ප‍්‍ර. මෙම කොමිසම හමුවේ සාක්කි දීමට ඔබ කැඳවලා තියෙනවද?
පිළි. ඔව්. 2015 පෙබරවාරී මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ සිදු වු භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සාක්කි දීමට මා කැඳවා ඇති බව මා දන්නවා.
ප‍්‍ර. මේ කොමිසමට අදාළ බැදුම්කර නිකුත් කිරීම් ගැන ඔබ මීට පෙර වෙනත් තැනක සාක්කි දී තියෙනවද?
පිළි. නැහැ.
ප‍්‍ර. කෝප් කමිටුව හමුවේදීවත් ඔබ සාක්කි දී තියෙනවද?
පිළි. නැහැ. මේ පිළිබඳව සාක්කි දීමට මා ඩියු ගුණසේකර මහතාගෙන් මා වාචික ඉල්ලීමක් කළා. නමුත් සුනිල් හඳුන්නෙති මහතාගෙන් නම් මා මේ සඳහා ඉල්ලීමක් කළේ නැහැ. නමුත් මේ සිද්ධිය ගැන මා විවිධ ප‍්‍රකාශ කරලා තියෙනවා. ඊට අමතරව මා පාර්ලිමේන්තුවේ දී මේ ගැන බරපතල ලෙස කරුණු ඉදිරිපත් කර තියෙනවා.
විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. ඔබ මේ ගැන වෙනත් ආයතනවලට පැමිණිලි කරලා තියෙනවද?
පිළි. නැහැ.
විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිසමට හෝ පැමිණිල්ලක් කරලා තියෙනවද?
පිළි. තවම නැහැ. ඉදිරියේදී අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ප‍්‍ර. ඔබ කීවා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ගේ සාක්කි විමසන ලෙස ඔවුන් කෝප් කමිටුවේ කටයුතු කළ අයද?
පිළි. ඔව්. මහින්දානන්ද අළුත්ගමගේ මහතා පළමු කෝප් කමිටුවේ සාමාජිකයෙක්, වීරකුමාර දිසානායක මහතා කෝප් කමිටු දෙකේම සාමාජිකයෙක්.
ප‍්‍ර. මේ කොමිසම හමුවේ ඔබ සාක්කි දෙන්නේ මෙයට අදාළ සිද්ධිමය කරුණු පිළිබඳවද?
පිළි. ඔව්. සිද්ධිමය කරුණු හතරක් ගැන සාක්කි දෙන්න මා බලාපොරොත්තු වෙනවා.
ප‍්‍ර. මෙයට අදාල පනත පිළිබඳව ඔබට අවබෝධයක් තියෙවද?
පිළි. ඔව්. පාර්ලිමෙන්තු මන්ත‍්‍රීවරයෙක්ට අවශ්‍ය සාමාන්‍ය දැනුමක් මට තියෙනවා.
සභාපති විනිසුරු චිත‍්‍රසිරි මහතා. ඔබ කියන සිද්ධිමය කරුණු හතර කියන්න.
පිළි. මා සුදානම් වෙන්නේ බෝහෝ සාක්කි වලදී සහ වෙනත් වාර්තා අනුව ඉදිරිපත් වු කරුණු යළි යළිත් දැක්වීම නෙවෙයි.
සභාපති විනිසුරු චිත‍්‍රසිරි මහතා. මහ බැංකුවේ සිදුවු සියළුම බැදුම්කර වෙන්දේසි ගැන අපි වෙන වෙනම පරීක්‍ෂණ සිදු කළා. ලංකා බැංකුව කළුතර බෝධි භාරකාර මණ්ඩලය වෙනුවෙන් 9.4ට හා 10.54ක ළුළදායිතා අනුපාතයක් වෙනුවෙන් ලංසු තබද්දී පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් 90.41 ක ළුළදායිතා අනුපාතයක් වෙනුවෙන් ලංසු ඉදිරිපත් කරනවා.
රාජ්‍ය බැංකුවක් ලෙස ලංකා බැංකුවෙන් සාමාන්‍ය මනුෂ්‍යයෙක් ගෙයක් හදාගන්න හෝ වාහනයක් ගන්න බැංකු ණයක් ගන්න ගියවිට බැංකුව විශාල ඇපකරයන් ඉල්ලා සිටියත් පර්පචුවල් ටේරෂරීස් ආයතනයට කිසිඳු ඇපකරයක් නොමැතිව බිලියන 13ක් වැනි මුදලකට ලංසු ඉදිරිපත් කර ඇත්තේ කෙසේද යන්න සොයා බලන ලෙස මා මේ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.
සභාපති විනිසුරු චිත‍්‍රසිරි මහතා. ඒ පිළිබඳව අනිවාර්යෙන්ම පරීක්‍ෂණ සිදුකරනවා.
මේ අවස්ථාවේදී බැදුම්කර වෙන්දේසියේදී ලංකා බැංකුව ඉදිරිපත් කළ ලංසු තැබීම් වලට අදාළව කොමිසම හමුවේ ඇති ලේඛණ සාක්කිකරුට පෙන්වා සිටී.
බැදුම්කර වෙන්දේසිය අවසන් වු වහාම ලංකා බැංකුවේ නිලධාරීයෙකු මහ බැංකුවේ නිලධාරීයකු සමඟ දුරකථන සංවාදයක් සිදු කර තියෙනවා. දුරකථන සංවාදය පටිගත කළ ටේප් එකක් ඩියු ගුණසේකර මහතා සභාපතීත්වය දැරූ කෝප් කමිටුවට ඉදිරිපත් කළා.
විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. එම දුරකථන සංවාදය පවත්වා ඇත්තේ මහ බැංකුවේ ප‍්‍රනාන්දු මහත්මිය හා ලංකා බැංකුවේ ධර්මපාල මහතා නේද?
පිළි. ඔව්.
විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. ප‍්‍රනාන්දු මහත්මිය විදේශ ගත වෙලා ධර්මපාල මහතා මෙම කොමිසම හමුවට කැඳවනවා.
මගේ දෙවැනි කරුණ වන්නේ සේවක අර්ථ සාධක අරමුදල ගැනයි.
මේ රටේ වැඩකරන ජනතාවගේ මුදල් විශාල ප‍්‍රමාණයක් ඇති සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් බිලියන 1500කට පමණ පර්පචුවල් ටේරෂරීස් ආයතනය මහ බැංකු බැදුම්කර වල ආයෝජනය කිරීම මඟින් පාඩුවක් සිදු වී තියෙනවා. මේ පිළිබඳව මහ බැංකු නිලධාරීන්ගෙන් හා සේවක අර්ථ සාධක අරමුදලේ නිලධාරීන්ගෙන් විමසන ලෙස මා ඉල්ලා සිටිනවා.
විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. ඔව්. අපි එයත් කරනවා.
බන්ධුල ගුණවර්ධන මහතා. ඒ සමිබන්ධයෙන් මා ලඟ ඇති වාර්තාව යොදා ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.
විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. මෙම වාර්තාව මහ බැංකුවේ කුමන අංශයකින් නිකුත් කළ එකක්ද යන්න ඔබ දන්නවාද?
නීතීඥ නාමල් රාජපක්‍ෂ මහතා. මෙය මහා බැංකුවේ වාර්තාවක් එය මහ බැංකුවේ කුමන අංශයකින් නිකුත් කළ එකක්ද දන්නේ නැහැ.
විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. අන්තර් සමාගම් සේවක සංගමයේ වසන්ත සමරසිංහ මහතා එම වාර්තාව මීට පෙර මෙම කොමිසමට එවා තියෙනවා.
ලංකා බැංකුව පර්පචුවල් ටේරෂරීස් ආයතනය වෙනුවෙන් රුපියල් බිලියන 34ක ලංසු මෙම භාන්ඩාගාර බැදුම්කර වෙන්දේසියකදී ඉදිරිපත් කර තියෙනවා. ලංකා බැංකුව එලෙස පර්පචුවල් ටේරෂරීස් ආයතනය වෙනුවෙන් ලංසු ඉදිරිපත් කොට ඇත්තේ නිසි සුරැකුම් නොමැතිවයි.
මගේ තුන්වැනි කරුණ වන්නේ මෙහි සිදු වී ඇති අලාභය මතුපිට පෙණෙන ගණනට වඩා වැඩිවීම ගැනයි.
මෙම ගණුදෙණුව නිසා රුපියල් බිලියන 2000කට අධික අලාභයක් සිදුවී ඇති බව මා හිතනවා. ඒ රුපියල අවප‍්‍රමාණය වීම හා පොළී අනුපාත ඉහළ යෑම නිසයි.
විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. ඔය වාර්තාව සකස් කරලා තියෙන්නේ කවුද?
පිළි. පිරිවැය ගණකාධිකාරීවරුන් මෙය සකස් කර තියෙන්නේ.
විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. මේ වාර්තාව සකස් කළ කෙනා කවුද? එතකොට මෙය සකස් කළ ආකාරය පිළිබඳව අපිය ඔහුගෙන් අසා දැනගත හැකියි. මොකද මෙහි අන්ත දෙකක් තිබිය හැකියි.
පිළි. මෙම බැදුම්කර නිකුත් කිරීම් නිසා බැදුම්කර වෙළඳ පොළ් ආයෝජනය කර තිබු පුද්ගලයින් එම සංචිත වෙනත් තැන්වල ආයෝජනය කිරීම මඟින් අපේ රටේ බැදුමකර වෙළඳ පොළේ විශාල ප‍්‍රශ්නයක් ඇතිවිය හැකියි.
මගේ සිව් වැනි කරුණ වන්නේ පර්පචුවල් ටේරෂරීස් සමාගම මුදල් විශූද්ධීකරණය කොට ඇද්ද යන්න පිළිබඳවයි.
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ගිණුම් වාර්තා අනුව ඔවුන් 2015 වසරේ ජනවාරී මස පළමුවැනිදාත් දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළ රුපියල් මිලියන 12,890ක ලාභයක් සොයා තියෙනවා. මෙතරම් විශාල මුදලක් ලාභ වශයෙන් ලැබීම නිසා එය මුදල් විශූද්ධීකරණය යටතේ පරීක්‍ෂණයක් සිදු කරන්න.
මුදල් ඇමති රවී කරුණානායක මහතා 2014 වසරේදී අතීතයට බලපාන පරිදි සුපිරි ලාභ බද්දක් පැනවුවා. නමුත් 2015 වසරේදී ඒ බද්ද ඉවත් කොට තියෙනවා.
මේ අවස්ථාවේදී රවී කරුණායක මහතා පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ගිණුම් වාර්තාවක් ඉදිරිපත් කරයි.
පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් බන්ධුල ගුණවර්ධන මහතා මෙසේද කීය.
ප‍්‍ර. ඔබ මුදල් ඇමතිවරයකු ලෙස හිටියද?
පිළි. ඔව්.
ප‍්‍ර. බැදුම්කර නිකුත් කිරීම් වලදී ප‍්‍රාථමික ගැණුම්කරුවන් ලෙස බැංකු කටයුතු කරනවාද?
පිළි. ඔව්.
ප‍්‍ර. ප‍්‍රාථමික ගැණුම්කරුවන් ලෙස කටයුතු කරන බැංකු වෙනත් පාර්ශවකරුවන් වෙනුවෙන් සුරැකුම්පත් මිලදී ගැනීම හා ද්වීතීයක වෙළඳ පොළේ විකිණීම කරනවාද?
පිළි. ඔව්.
ප‍්‍ර. ලංකා බැංකුව පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් බැදුම්කර අරගෙන දීලා ඇති බව ඔබ කීවා නේද?
පිලි. ඔව්.
ප‍්‍ර. ලංකා බැංකුවත් කරලා තියෙන්නේ ව්‍යාපාරික කටයුතුත්තක් නේද?
පිළි. ඔව්. නමුත්, සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලංකා බැංකුවෙන් ගෙයක් හෝ වාහනයක් ගැනීමට ණයක් ගන්න ගිය විට දාන කොන්දේසි කිසිවක් පර්පචුවල් ටේරෂරීස් ආයතනයට දාලා නැහැ.
ප‍්‍ර. මෙම ගණුදෙණුවෙන් ලංකා බැංකුවට රුපියල් මිලියන 07ක ලාභයක් වුණු එක ගැන කවුරුවත් කතා කරලා නැහැ නේද?
පිළි. ඒ ගැන මා දන්නේ නැහැ. මේ එක රැයින් බැංකු කඩා වැටෙන කාලයක්, විශාල මුදලක් සම්බන්ධයෙන් වගකීම් ගත් විට විශාල ප‍්‍රශ්න ඇතිවිය හැකියි. මේ සිදුවීමෙන් අප රටට විශාල අපකීර්තියක් සිදුවුණා.
ප‍්‍ර. ඔබ ඉදිරිපත් කළ වාර්තාව කිසිඳු වටිනාකමක් නැහැ නේද?
පිළි. ඔබට මේ ලේඛණය වැදගත් නැති වුවත් මට මෙය ඉතාම වැදගත් ලේඛණයක්. මා මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා.
ප‍්‍ර. මේ වාර්තා මහ බැංකුවෙන් පිටවීම පිළිබඳව වර්ථමාන අධිපතිවරයා රහස් පොලිසියට පැමිණිලි කරලා තියෙනවා නේද?
පිළි. ඒ ගැන මා දන්නේ නැහැ.
වැඩිදුර සාක්කි විමසීම කල් තබන ලදී.
මෙම කොමිසමේ කටයුතු සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නයෝමී වික‍්‍රමසේකර මහත්මිය, රජයේ නීතීඥ ධනුෂන් කනේෂයෝගන් මහතා සමඟ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා සහය ලබා දෙයි.
පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් නීතීඥ නෙරංජන් අරූල්ප‍්‍රගාසම් මහතා සහ නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය සමඟ ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතාද භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන් නීතීඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමඟ නීතීඥ හර්ෂ ප‍්‍රනාන්දු මහතාද කොමිසම හමුවේ පෙනී සිටියහ.
ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතීඥ නාමල් රාජපක්‍ෂ මහතා කොමිසම හමුවේ පෙනී සිටියේය.

