බැඳුම්කර සිදුවීම ගැන ජවිපෙන් ඉල්ලීම් හයක්


මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ කෝප් වාර්තාව පදනම් කරගනිමින් වහා ගතයුතු ක්‍රියාමාර්ග හයක් ඇතුලත් ඉල්ලීම් මාලාවක් ජනතා විමුක්ති පෙරමුණ රජයට යොමු කර ඇත.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය නිකුත් කළ මෙම ඉල්ලීම් මාලාවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලුම දෙනාට එරෙහිව නීතිමය පියවර කඩිනමින් ගෙන රජයට වංචා කළ මුදල් ප්‍රමාණය ආපසු අයකර ගැනීමත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා දැනට දරන රජයේ හා ආර්ථිකයේ සියලු තනතුරුවලින් වහාම ඉවත් කිරීමත් ප්‍රධාන ඉල්ලීම් ලෙස අන්තර්ගතව තිබේ.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හා ඊට අනුබද්ධ සියලු සමාගම්වල සියලු වත්කම් හා මුදල් රටින් පිටට රැගෙන යාම වැළැක්වීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, මහ බැංකුවේ ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගේ ලැයිස්තුවෙන් එම සමාගම ඉවත් කිරීම, මෙම ගනුදෙනුවට සම්බන්ධ මහ බැංකු නිලධාරින් පරීක්ෂණ අවසන් වනතුරු වගකීම්වලින් නිදහස් කර පසුගිය කාලය පුරා මහ බැංකුව මඟින් කළ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කිරීම සෙසු ඉල්ලීම් වේ.

IMG_7207