(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
මහබැංකු බැදුම්කර වංචාව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සිංහල හා දමිළ පිටපත් සති දෙකක් ඇතුළත නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මෙම වංචාව සම්බන්ධයෙන් පසුගිය රජය සමයේ පැවැත්වීමට ගිය පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නොහැකි වූයේ ද වාර්තාවේ සිංහල හා දමිළ පිටපත් නොමැති බවට එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්නයක් නිසා බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.
අදාළ පිටපත් ඉදිරිපත් වීමෙන් පසුව බැඳුම්කර වංචාවට සම්බන්ධ අයට එරෙහි පියවර ගැනෙනු ඇතැයි ද මන්ත්‍රීවරයා කීවේය .ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

