භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ පරීක්ෂණ කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමට අද(06) එම කොමිසමේ කොමසාරිස්වරු තිදෙනා රැස්වූ බව එහි ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා කීය.
මෙම කොමිසමේ කටයුතු පිළිබඳ මාධ්‍යයට අනාවරණය කිරීම හෝ නොකිරීම කොමසාරිස්වරුන් ගේ අභිමතය පරිදි සිදුවන බවත් ,ඒ පිළිබඳව කොමිසම සම්බන්ධ දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් වන බවත් එහි කොමසාරිස්වරයෙකු පැවසීය.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ පරීක්ෂා කිරීම හා විමර්ශනය කිරීම සඳහා කේ.ටී.චිත‍්‍රසිරි ,ප‍්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දෙපළ සහ විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකු වූ කන්දසාමි වේලූපිල්ලේ මහතා පත් කරනු ලැබ සිටිති.

