මහ බැංකු බැඳුම්කර සිද්ධීය සම්බන්ධයෙන් කෝප් වාර්තාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වීම අගමැතිවරයාගේ අධ්‍යක්ෂණය යටතේ රඟ දැක්වෙන නාට්‍යයක පළමු ජවනිකාව යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
කෝප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හෙට (24) පැවැත්වීමට නියමිත විවාදය නැවැත්වීමේ උත්සහයක පළමු පියවර මෙය යැයි ද ඒ මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ ක්‍රියා නැවැත්වීම සඳහා අධිකරණය උපයෝගී කරගැනීමේ වංචනික ක්‍රියාවලට පාර්ලිමේන්තුව යටත් නොවිය යුතු බවත් එවැන්නකට ඉඩ නොදෙන බවත් දිසානායක මහතා කීවේය.
පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.

