බැඳුම්කර ගනුදෙනුව : ජනාධිපති කොමිසම පත්කරයි


බැඳුම්කර ගනුදෙනුව ගැන සොයන ජනාධිපති කොමිසමට  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන  කේ ටී චිත්‍රසිරි, පී එස් ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කේ වේලුපිල්ලෙයි යන මහත්වරුන් පත් කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා  අභයාරාමයේදී පැවසුවේ බැඳුම්කර ගනුදෙනුව ගැන සොයා බලා වැරදිකරුවන් දඬුවම් දීම ඉක්මන් කිරීම පිණිස ජනාධිපති කොමිසමක් පත් කරන බවයි.