බැඞ්මින්ටන් ශූර නිලූක පෝලන්ත තරගාවලියේ දෙවැනි වටයට
පෝලන්තයේදී දැන් පැවැත්වෙන ‘පෝලන්ත අන්තර්ජාතික’ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න අද (23) සමත්විය. නිලූක සහ ඕස්ටි‍්‍රයාවේ ලූකා වාබර් අතර පැවැති පළමු වටයේ තරගයේදී ලූකා දෙවැනි වටය ලකුණු 14/9 ක් ලෙස පසුබැස සිටියදී තරගයෙන් ඉවත්විය. නිලූක පළමු වට 21/19 ක ජයක් ලැබු දෙවැනි වටයට සුදුසුකම් ලැබීය.
ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙට (2012) සුදුසුකම් ලැබීමේ පාරිසාධක මට්ටම ඉක්මවා සිටින ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක තවත් අන්තර්ජාතික තරගාවලි හතරකට සහභාගිවීමේ සුදානමින් සිටියි.
පෝලන්ත තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා අචිනි රත්නසිරි සුදුසුකම් ලැබීමේ වටයේදී එංගලන්ත ක‍්‍රීඩිකා රියෝ පැනෝගා පරදවා ප‍්‍රධානතම තරගාවලියේ කාන්තා කේවළ ඉසව්වට පිවිසියාය. අද පැවැති පළමු වටයේ තරගයේදි ඉන්දිය ක‍්‍රීඩිකා අරුන්දතී පද්මාණී හමුවේ අචිනි (21/16, 21/8) පරාජය වුවාය. අරුන්දතී ලෝක ශ්‍රේණිගත කිරීමේ 61 වැනි ස්ථානයේ සිටින ප‍්‍රබල ක‍්‍රීඩිකාවකි.
චන්ද්‍රිකා ද සිල්වා කාන්තා කේවළ ඉසව්වේ සුදුසුකම් ලැබීමේ වටයේදී පෝලන්ත ක‍්‍රීඩිකාවට පරාජය වුවාය.

