ඉන්දීය ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 12 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල අතර අද (11 වැනිදා) පැවැති තරගයේදී කොල්කටා නයිට්රයිඩර්ස් පිල පරදවා කඩුලූ 8 ක ජයක් ලබාගැනීමට බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සමත්විය.
තරගයේ වීරයා බවට පත්වූ කි‍්‍රස් ගේල්, හයේ පහර 9 ක් සහ හතරේ පහර 4 ක් සමගින් රැස්කළ වේගවත් ලකුණු 85 ට වැයවී තිබුණේ පන්දු 50 ක් පමණි. බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල නියෝජනය කරමින් ඕවර 4 ක් යැවූ මුත්තයියා මුරලිදරන් ඕවර 4 ක් යවමින් ලකුණු 30 ක් දුන් නමුත් කඩුල්ලක් දවාගැනීමට අසමත් විය.
ලක්ෂ්මිපති බලාජි එවූ පන්දුවට ඉයන් මෝගන් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගිය විරාට් කෝලි, කී‍්‍රඩාගාරය වෙත යන විට ගෞතම් ගම්භීර් සමග යම් බහින්බස් වීමක් හටගත් නමුත් විනිසුරුවන් සහ අනිකුත් කී‍්‍රඩකයන්ගේ මැදිහත්වීම මත එය සමතයකට පත්විය.
කොල්කටා නයිට්රයිඩර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 154
(ගෞතම් ගම්භීර් 59, ජැක් කලිස් 16, යූසෆ් පාතන් 27, මනෝජ් තිවාරි 23, රජත් භාතිය 13, රුද්‍රා ප‍්‍රතිප් සිං 27/3, මොරිස් හෙන්රිකස් 24/2, විනේ කුමාර් 36/2)
බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල ඕවර 17.3 කදී කඩුලූ 2 ට 158
(කි‍්‍රස් ගේල් නොදැවී 85, විරාට් කෝලි 35, ඒ. බී. බිවිලියර්ස් නොදැවී 22)
(**)