අයි. පී. එල්. තරගාවලියේ 27 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල අතර අද (20 වැනිදා) පැවති තරගයේදී රාජස්ථාන් රෝයල්ස් පිල පරදවා කඩුලු 7 ක පහසු ජයක් ලබාගැනීමට බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සමත්විය.
රාජස්ථාන් පිලේ අවසන් කඩුලූ 7 ලකුණු 20 ක් තුළදී බිඳ වැටුණ අතර ඉන් කඩුලූ 6 ක් ම බෙදාහදා ගැනීමට තරගයේ වීරයා බවට පත්වූ විනේ කුමාර් සහ රුද්‍රා ප‍්‍රතාප් සිං සමත්වූහ.
අද තරගය සඳහා බැංගලෝර් පිලට කී‍්‍රඩා කළ තිලකරත්න ඩිල්ශාන් පන්දු 22 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 25 ක් රැස්කළේය.
ඩිල්ශාන් සමග පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 53 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ කි‍්‍රස් ගේල් (නොදැවී 49), 4 වැනි කඩුල්ල වෙනුවෙන් සෞරව් තිවාරි (නොදැවී 25) සමගින් පන්දු 48 කදී ලකුණු 59 ක නොබිඳුන සම්බන්ධතාවයක් ගොඩනගමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.
රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 117
(අජන්ක්‍යා රහනේ 14. රහුල් ද්‍රාවිඞ් 35, ස්ටුවර්ට් බිනී 33, බැඞ් හොජ් 14, රුද්‍රා ප‍්‍රතාප් සිං 13/3, විනේ කුමාර් 18/3, රවී රාම්පාල් 19/2)
රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 17.5 කදී කඩුලු 3 දැවී 123
(තිලකරත්න ඩිල්ශාන් 25, කි‍්‍රස් ගේල් නොදැවී 49, සෞරව් තිවාරි නොදැවී 25, ශේන් වොට්සන් 11/2)
(**)