බැංගලෝර් කඩුලූ 7 කින් හයිද්‍රාබාද් පරදවයි


ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 9 වැනි තරගය ලෙස බැංගලෝර්හිදී අද (9 වැනිදා) පැවැති පළමු තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල කඩුලූ 7 කින් සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල පරාජය කළේය.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ලකුණු 162 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 17.4 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.

බැංගලෝර් පිල වෙනුවෙන් නායක විරාට් කෝලි පන්දු 47 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 93 ක් රැස්කිරීමට සමත් විය.  

සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල  ඕවර 20 කදී කඩුලූ 6 ට 161

(පර්තිව් පටෙල් 20, කුමාර් සංගක්කාර 23, තිසර පෙරේරා 40, කැමරොන් වයිට් 52, ආර්. පී. සිං 27/3)

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල  ඕවර 17.4 කදී කඩුලූ 3 ට 162

(මයාන්ක් අගර්වල් 29, ක‍්‍රිස් ගේල් 13, විරාට් කෝලි නොදැවී 93)