මත් ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් බැංකොක් අධිකරණයකින් මරණීය දන්ඩනය ලැබු ශ්‍රී ලාංකිකයෙක් වසර 18 ක් තිස්සේ එරට සිරබත් කමින් සිටියදී පොදු සමාව ලැබ ශ්‍රී ලංකාවට පිටවුහල් කොට එවනු ලැබ සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු රත්ගම පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහුට විරුද්ධව මෙරට අධිකරණයක නඩුවක් තිබියදී ව්‍යාජ ගුවන්ගමන් බලපතක් හා ලිය කියවිලි භාවිතා කරමින් 1996 වසරේදී ඔහු තායිලන්තයේ බැංකොක් නගරය වෙත පලා ගොස් ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

