බැංකුවටයි හෝටලයටයි දඩ


ඩෙංගු මරුදුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය බවට වරද පිළිගත් පෞද්ගලික අංශ කළමනාකරුවන් දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් පන්දහස බැගින් දඩ නියම කළේය.

කොල්ලුපිටිය ඉන්ද්‍රා රිජන්ට් හෝටලයේ කළමනාකරු පෙරුමාල් කමලේෂ් හා ඩොයිෂ් ජර්මන් බැංකුවේ කළමනාකරු ගාමිණී වසන්ත ගුණසේනට එම දඩ නියම විය.