ජිවතුන් අතර සිටින විශ්‍රාමික කාන්තාවක මියගිය බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැනුම් දීම නිසා බැංකුවෙන් විශ්‍රාම වැටුප් නතර කැර ඇත.
ඩී .එම් .සීලවතී මැණිකේ (74)මහත්මිය හබරණ පදිංචි විශ්‍රාමික සාත්තු සේවිකාවකි .ඇය අසනීප තත්වයේ පසුවීම නිසා මහනුවර දරුවකුගේ නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය .ඇයගේ වැටුප හබරණ මහජන බැංකුවට ලැබෙන අතර මාස කීපයක් ඇය මුදල් ලබාගෙන ඇත්තේ කාඩ් පතකිනි එකවරම ගිණුමේ මුදල් නොමැති වීම නිසා සොයා බලද්දී හබරණ බැංකුවෙන් දැනුම් දී ඇත්තේ ඇය මියගිය බවට හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලිඛිතව දැන්වීම නිසා වැටුප හා පෙර ලබාගෙන ඇති වැටුප් නැවත අයකළ බවය .
හබරණ මහජන බැංකු කළමනාකාර අරුණ මංගල අමරතුංග මහතා කිවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැනුම් දීම අනුව මුදල් ගෙවීම අත්හිටුවා ඇති බවයි.
හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් ඉරේෂා ලියනගමගේ මහත්මියගේ කාර්යාල සේවිකාවක පැවසුයේ කාන්තාව මියගිය බව පොලිස් නිලධාරියෙකු දැනුම් දුන් නිසා වැටුප අත්හිට වු බවයි.
මරණ සහතිකය තිබේ දැයි කියා ඇසුවිට කිවේ එවැන්නක් නැති බවය .වැඩි විස්තර විමසීමට යද්දී ඇය අවස්ථා කීපයකදීම දුරකථනය විසන්ධි කළාය.
නැවත වරක් අප ප්‍රාදේශිය ලේකම් ලියන ගමගේ මහත්මියගෙන් විමසිමේදී පැවසුයේ අසාධාරණයක් සිදුව ඇත්නම් එම අයට තමන් හමුවන ලෙස දැනුම් දෙන ලෙසයි
අසාධාරණයට පත් සීලවතී මැණිකේ මහත්මිය කිවේ තමන්ට විශාල අසාධාරණයක් සිදුව තිබියදී නිලධාරින් මඟහරින බවය .

