බැංකුවක් බිඳ ලක්ෂ 27 ක් සොරාගනී


( රුක්මන් රත්නායක ) 
 
තිස්සමහාරාම,  පන්නෙගමුව  පෞද්ගලික  බැංකුවක  දොරගුලු කඩා, ඇතුළු වු පිරිසක්  අද (31)  එහි මුදල් සේප්පුව  කඩා  මුදල් සොරාගෙන පලා ගොස් ඇතැයි  පොලීසිය පවසයි.

සේප්පුවේ තිබු  රුපියල් විසි හත්ලක්ෂ එකොලොස්දාස් පනස් හත්ලක්ෂයක  මුදලක්  සොරාගෙන ඇති බව පැමිණිල්ලක් ලැබී ඇති බව  තිස්සමහාරාම පොලීසය පවසයි.
 
උදෑසන බැංකුවට පැමිණි නිලධාරීන් බැංකුව විවෘත කිරීමේදී  මේ පිළිබඳව සැලවී  පොලීසියට පැමිණිලි කර තිබේ.
 
තිස්සමහාරාම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.