ටීරීං...ටිරීං...ටිරිං...
ඉර බටහිර අහසින් බැස යන්න පටන් ගත්තු චමත්කාරජනක හැන්දෑවක් උදා වෙලා. දුරකතනයත් ‘ටීරීං’ ශබ්දයෙන් කන හොල්මන් වෙන්න නාද දෙන්න පටන් අරන්. බැරිම තැන දුරකතනයට මම හලෝ කිවුවා. එහා පැත්තෙන් ඇහෙන හඬ එතරම් සුපුරුදු කටහඬක් නෙවේ. එහෙත් කිසියම්ම වූ කලබලයක් ඒ හෙඬ් තිබෙන බව හඳුනා ගැනීම අපහසු නැහැ.
‘මහත්තයා ‘ලංකාදීප’ පත්තරේ නේද?
පුංචි තොරතුරක් දෙන්නයි කතා කළේ. මං දැන් පොලිසියටත් කෝල් කළා. එතනට එන්න පුළුවන් නම් මාර ප‍්‍රවෘත්තියක් ගන්න පුළුවන්.
අපට ඔය මහත්තයගේ කතාව තේරෙන්නේ නැහැ.
මං ඒ බව දුරකතනයේ එහා පැත්තෙන් ඇහෙන හඬට දැනුම් දුන්නේ ඒ කතාවේ අගක් මුලක් ගැන කිසිම වැටහීමක් නැති නිසාය.
‘මේකයි මහත්තයා වැඬේ. තලවතුගොඩ බැංකුවකට පැනලා කට්ටියක් කොල්ලකනවා. එකෙක් බැංකුව ඇතුළට ගිහිල්ලා බැංකුවේ කට්ටිය යටත් කරගෙනලූ. තව පිටත් කට්ටිය ඉන්නවලූ. දැන්ම ආවොත් මහත්තයලාටත් රටම හෙල්ලෙන ප‍්‍රවෘත්තියක් කරන්න පුළුවන්.
ඉතින් ඒකට ‘සැඳැල්ලට’’ කතා කරලා වැඩක් නැහැනේ.
නැහැ මේකයි වැඬේ බැංකුව ඇතුළට පැනලා ‘‘බැංකු හොරා’’ වෙලා ඉන්නේ කවුද කියලා මහත්තයලා දන්නවාද? අර වේදිකා නාට්‍යවල ටෙලිනාට්‍යවල රඟපාන ධර්මප‍්‍රිය ඩයස්. ඒ බැංකු කොල්ලයේ් මහ මොළකරු කවුද දන්නවාද සම්මාන ගනිපු නවකතා එහෙම ලියපු කපිල කුමාර කාලිංග.
ඔයාගේ ඔලූව හොඳ නැතිකමක් තියෙනවාද? දුරකතනයෙන් කියාගෙන කියාගෙන යන තොරතෝංචියක් නැති බොරු ප‍්‍රවෘත්තිය ගැන මට මා සමඟම තරහක් ඇතිවී තිබේ. කෙසේ නමුත් මමත් ඒ සිදුවීම වන ස්ථානය ගැන අසාගෙන දුරකතනය විසන්ධි කළෙමි. හෝරා භාගයක පමණ ගමනකින් පසු එම පුද්ගලයා පැවසූ තලවතුගොඩ අදාළ ස්ථානයට අපි පැමිණියෙමු. ඇස් අදහාගත නොහැකි යමක් සිදුවෙමින් තිබේ. අප දන්නා කියන ජනප‍්‍රිය නළු ධර්මප‍්‍රිය ඩයස් තුවක්කුවකුත් රැුගෙන පිරිසක් යටත් කරගෙන සිටිනා බවක් දිස්වේ. එක් කෙනෙක් අත් දෙකම ඔසවාගෙනය. අයෙක් බිම වාඩිවීය.
සෙස්සෝ බීරාන්තව සිටිති. කෙසේ නමුත් භයානක දෙයක් සිදුවෙමින් තිබෙන බව පෙනෙන්නට ඇත. ධර්මප‍්‍රිය ඩයස් විටින් විට එකිනෙකා ළඟට ගොස් නැවත මැදට පැමිණ යටිගිරියෙන් කෑගසන ආකාරය බිය උපදවන සිදුවීමකි.
”අඩෝ එකෙක්වත් හෙල්ලෙන්න එපා. ඔලූ කට්ට කුඩුවෙන්න තියන්නේ. මෙතන උඹලාට ඕන හැටියට නටන්න මං ඉඩ තියන්නේ නැහැ. උඹලා මං කියන විදිහටයි මෙතන වැඩ කරන්න ඕනේ”
ඩයස්ගේ කෑ ගැසීමට සියල්ලෝම බය බීරාන්ත වී බලා සිටිති. ඒ අතර බැංකුවේ වැඩ කරන සුරූපි තරුණියක් පැමිණ ඩයස්ට ළංවන්නේ ඔහුගෙන් පුංචි උදව්වක් ගැනීමේ බලාපොරොත්තුවෙනි.
”අනේ මං අපේ කැලූම්ට පැයෙන් පැයට කෝල් කරනවා. මං කෝල් ගත්තේ නැති නිසා එයා මෙහෙට ආවොත් මට දොර ළඟට ගිහින් විනාඩි පහක් කතා කරන්න ඉඩ දෙන්න. ප්ලීස්.
‘‘තරුණියගේ උකුළු මුකුළු කතාවට ඉඩ දෙන්නට අවැසි වුවත් ඩයස් කියන්නේ මට හිතාගන්න පුළුවන් කියන්න හදන පැණි බේරෙන කතාව මොකක්ද කියලා.’’
‘‘නැහැ මං අද ටිකක් ? වෙනකන් වැඩ කරනවා කියලා විතරයි කියන්නේ.’’
‘‘ඔව් නයිට් ඩියුටි කියලා කිවුවත් කමක් නැහැ.’’ ඩයස්ගේ කතාවට තරුණියගේ මුහුණ රතු වනු අපට පෙනේ.
ඒ තරුණියගේ උකුළුමුකුළු වීමෙන් පසු ඊළඟ බැංකු සුරූපිනියත් ඩයස් ළඟට ළං වන්නේ මේ මරගාතයෙන් ගැලවෙන්නේ කෙසේදැයි පොටක් සොයා ගන්නා අටියෙනි. ඇය ගංගා ජීවනී වැලිවත්තය.
‘‘අනේ කලං මල්ලි. ඔයා දැන් යන්න. අපි කවදාවත් ඔයා හොරෙක් කියලා හිතන්නේ නැහැ.’’ යැයි ගංගා කියන විට ඩයස් එයට පිළිතුරු බඳින්නේ කෝපයෙනි.
‘‘ඔව් මං කොහොමත් හොරෙක් නෙවෙයි. මං හොරෙක් වෙන්නේ මේක සාර්ථක වුණොත් විතරයි. එතකොට හෙට උදේ ඉඳන් පත්තරවල, ටී.වී. වල ‘‘බැංකු හොරා’’ කියලා මං ගැන කතා කරන්න පටන් ගනීවි. මං පුංචි කාලේ කියපු නම් ගැනත් හොයලා බලාවී. මට හොරා කිය කියා මාව මඩවනවා වෙනුවට මං හොරකම් කළේ ඇයි කියන හේතුවයි හොයන්න ඕන.
ඩයස් කියන්නේ හොරකම් කිරීමේ අවංකත්වය යටත් පිරිසට පැහැදිලි කරමිනි.
එකවරම බැංකුවට නිතර දෙවේලේ පැමිණෙන අයෙකු පැමිණෙන්නේ ලැබෙන විවේකයේදී පුංචි අල්ලාප සල්ලාපයක යෙදී යන්නටය. ධර්මප‍්‍රිය ඩයස් එකවර තැති ගැන්වෙන්නේ එවිටය. ඔහුත් තුවක්කුව පසෙක දමා සාමාන්‍ය බැංකු සේවකයකු මෙන් හැසිරෙන්නේ ඔහුට පෙනෙන්නටය. වසන්ත විට්ටච්චි එකවරම පැමිණ මැනේජර්ගේ ආරාධනයෙන් තොරවම පුටුවේ වාඩිවේ.
ආ... මට කියන්නත් බැරිවුණා වාඩි වෙන්න කියලා. අද ගොඩක් බිසී. දන්නැද්ද ඉතින්යැයි මැනේජර් ගොත ගසන විට ආ ඒකට මොකද මං දැන් වාඩිවෙලානේ ඉන්නේ යැයි වසන්ත සිනාසෙමින් කියයි.
මැනේජර් විදියට ඉන්න සංජීව දිසානායකට අවශ්‍ය කරන්නේ ඩයස්ගේ ආගමනය වසන්තට නොපෙන්වා සිටීමටය. එහෙත් වසන්තගේ ඇස්වලට වැලි ගසන්නට මැනේජර්ට නොහැක. බැංකුවේ වෙනදා නොඉදි තරුණයකු සිටින බව වසන්ත දකින්නේ මේ අතරය. ඔහු හොරෙක් බව හඳුනාගත හොත් වසන්ත මෙතන එකම විගඩමක් නටන බව සැවොම දනී.
ඩයස් නැවතත් තුවක්කුව අතට ගන්නේ බැංකුවේ හිතවතා පිටව ගිය පසුවය. ඩයස්ට මේ වැඬේ කරගන්නට ඉඩකඩ ලබා දුනහොත් බැංකුවේ හැමෝටම සලකන ආකාරය පිළිබඳ ඩයස් විස්තර කරන්නේ උස් හඬිනි.
”මං බොහොම කරුණාවෙන් කියන්නේ මට සේ්ප්පුවේ රහස් අංකය කියනවා. එහෙම වුණොත් මං තමුසෙගේ හොස්පිටල් බිල් එක මං ගානේ ගෙවනවා. මේ කෙල්ලගේ වෙඩින් එකත් මං කරනවා. මෙදා ඔයාලා හැමෝටම බෝනසුත් මං ගානේ දෙනවා”
ඩයස් එකින් එක කරන විස්තරය බැංකුවේ පිරිස බලා සිටින්නේ පුදුමයෙනි. එක එක්කෙනා විටින් විට ඩයස්ගෙන් අවසර ගෙන බාත්රූම් එකට දුවන්නේ වෙනදා නොතිබුණු බොරු ලෙඩක් හදාගෙනය.
බැංකු මංකොල්ලයේ මහ මොළකරු ලෙස හැඳින් වූ කපිල කුමාර කාලිංග ඩයස්ලා අතරට පැමිණේ. වැඬේ හොඳට ගියා. අපට තව ටිකක් පොලිෂ් කරගත්තොත් හොඳ ප්ලේ එකකට යන්න පුලූවන්.
කපිල කියන්නේ පිරිසගේ උනන්දුව තවත් වැඩි කිරීමේ අටියෙනි.
ළඟදීම කරළියේ දිගහැරීමට නියමිත ‘බැංකු හොරා’ වේදිකා නාට්‍යයේ පුහුණුවීම් පිළිබඳව ලැබුණු නිර්නාමික දුරකතන ඇමැතුම් කෙසේ වූවත් අපූරු අත්දැකීමකට අපට මුහුණ දීමට සිදු වීම පිළිබඳ අපට සතුටුය. පිරිස වෙහෙසකර රංගනයකින් පසු පුංචි විරාමයකට මුහුණ දීමට සූදානම්ය. පිරිසගේ රංගනය දෙස නෙත් නොපියා බලා හිඳපු කපිල කුමාර කාලිංග අප දෙසට ඇවිදගෙන පැමිණියේ සුපුරුදු ලෙංගතු සිනහව සමගින්මයි. අපි ඔහුට ඔහුගේ අලූත් වැඬේ ගැන කියන්න ආරාධනා කළා.
”මේ නාට්‍යය මගේ ස්වතන්ත‍්‍ර පිටපතකට අනුව නැගෙන නාට්‍යයක්. බැංකුවක් කැඞීමට එන තරුණයෙක් බැංකු පිරිස සමඟ ගොඩනගා ගන්නා මානව සබඳතාවන් මේ නාට්‍යයේදී ඉස්මතු කිරීමට අප උත්සාහ කළා. මේ මංකොල්ලයේදී අනපේක්ෂිත සිදුවීම් රැුසකට මුහුණ දෙන්න බැංකු හොරාට සිදුවෙනවා. අවසානයේ ඔහුගේ අරමුණ ඉෂ්ට කර ගන්න බැංකු හොරාට අවස්ථාව ලැබෙනවාද කියන එක නාට්‍යය නරඹලාම තමයි බලාගන්න වෙන්නේ”
රයිනෝසිරස්, නෙළුම් පොකුණ, උක්දඬු ගින්න, අපි ගෙවන්නේ නෑ. සිහින සාප්පුව වැනි අපූරු නාට්‍ය නිර්මාණ ගෙන ආ කපිල කුමාර කාලිංගගේ ”බැංකු හොරා” කෙසේ වේවිදැයි තව කියන්නට කල් වැඩිය.
නාට්‍යයේ කණ්ඩායම් ඡුායාරූපය කීප වතාවක්ම ගත්තත් ඉෂංකට ගැලවීමක් නැත්තේ නාට්‍යයේ නිෂ්පාදක ප‍්‍රියංකරත් සහභාගි කරගෙන තව ඡුායාරූපයක් ගත යුතු යැයි පිරිසගේ ඉල්ලීම නිසාය. සවස තේ බොන්නට පාර්සලයක් ප‍්‍රියංකර ගෙනවිත් තිබෙන බව දකින පිරිස ඒවා ගැන අනාවැකි තබන්නේ ඔට්ටුද අල්ලමිනි. ඩයස් අද තේ බොන්න ගෙනවිත් තිබෙන්නේ බිත්තර රොටී යැයි ඩයස් කියන විට ජනක කුඹුකගේ බිත්තර ආප්ප යැයි කියයි.
සොඳුරු පිරිසකගේ සොඳුරු කෙළිකවට සිනාමැද සොඳුරු නාට්‍යයමය පෙර පුහුණු අත්දැකීමකට මුහුණ දෙමින් නැවත එන්නට අපි පිටත් වීමු.
අමිල චින්තක ගමගේ / ඡායාරූප - ඉෂංක සුනිමල්






