අද වැඩ වර්ජනයක් ඇරඹූ බැංකු සේවක සංගමයේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී ඇතැයි පොලිසිය කියයි.
බැංකු සේවකයන් 2000 ක් පමණ මාර්ගය හරස් කරමින් විරෝධයේ නියුතු වීම හේතුවෙන් කොටුව ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය ඇන හිට ඇතැයි කියති.
බදුල්ල නගරයේද බැංකු වසා දමා තිබූ අතර ගනුදෙනු කටයුතු සඳහා පැමිණි ජනතාව මහත් අපහසුතාවයට පත්ව ආපසු හැරී ගිය බව කියති.
වැඩ වර්ජනය සාර්ථක වූ බව වර්ජකයෝ කියති. එහෙත් මුදල් අමාත්‍යංශය කියනුයේ බැංකු කටයුතු කිසිදු ප්‍රශ්නයකින් තොරව සිදුවූ බවයි.
(ඡායාරූප - ජී.ප්‍රසංග)
ඡායාරූප - ප්‍රසාද් රුක්මල්
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ












