(කේ බුද්ධික කුමාරසිරි)
රාජ්‍ය බැංකුවක කඩුවෙල ශාඛාවේ මුදල් අයකැමිවරයකු බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් දෛනික පොලී ලබා ගැනීමේ අරමුණින් විවිධ බැංකුවල ගිණුම් සදහා මුදල් බැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි.
සැකකරුට වට්ස්ඇප් හරහා තරුණියක ලබා දුන් ඇමතුමකට අනුව තමන් තැන්පත් කරන මුදලට දෛනිකව සියයට දහයක පොලී මුදලක් ලබා ගත හැකි බවට දැනුම් දී ඇත.
ඒ අනුව සැකකරු එදින රුපියල් තිස්දහසකක මුදලක් එම තරුණිය ලබාදුන් ගිණුමකට දමා ඇති අතර එලෙස ගිණුම් ගතකර පැය කිහිපයක් ඇතුළත රුපියල් තිස්තුන් දහසක මුදලක් සැකකරුට ලැබී ඇත.
ඒ අනුව පසුදින (29) දින රාජකාරී සඳහා කඩුවෙලා බැංකු ශාඛාවට පැමිණි සැකකරු එම බැංකුවේ තිබූ දහතුන් කෝටි පනස් එක් ලක්ෂයකට වැඩි මුදලක් දුරකථන ඇමතුම් ලබා දුන් තරුණිය විසින් ලබාදෙන ගිණුම් සඳහා එක් දිනක් තුළදී බැර කර ඇත.
එලෙස ලබාදුන් බැංකු ගිණුම් අතර පෞද්ගලික බැංකුවල ගිණුම් රාජ්‍ය බැංකුවල ගිණුම් අංක ද සඳහන්ව ඇති බවත් සැකකරු විසින් රුපියල් ලක්ෂ තිහ හතළිහ පනහ කෝටිය කෝටි දෙක වශයෙන් අදාළ ගිණුම්වලට වරින් වර මුදල් බැර කර ඇත.