බැංකු ගිණුම් 243 ක් පිරික්සයි


මුහුදු මගින් නීතී විරෝධි ලෙස ඕස්ට්‍රේලියාවට ශ්‍රී ලාංකිකයන් යැවීමට ත්‍රිකුණාමලයේ කින්නියාවේ  ධනවත් මාළු වෙළෙන්දකු හා නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරයකු ඇතුළු විසිහත් දෙනා කොතරම් මුදලක් වංචා කැර ඇත්තැයි සෙවීමට බැංකු ගිණුම් 243 ක් පිරික්සීමට උසාවි අවසර පැතිමට නියමිත බව මාතර කොට්ඨාස අපරාධ අංශය කියයි.

මෙම  මිනිස් ජාවාරමේ ප්‍රධානියා බව කියන ලොරෙන්සුහේවා සරත් හෙවත් කින්නියා සරත් නම් මාළු ව්‍යාපාරිකයා 2010 සිට බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට මිනිසුන් යවා ඇතැයි කියති.

ඕස්ට්‍රේලියාවට යන අයගෙන් අඩු ගණනේ රුපියල් ලක්ෂ හයේ සිට දොළහ දක්වා මුදල් අය කරන්නට ඇතැයි පොලීසිය අනුමාන කරයි.