බැංකු කොල්ලෙට වසර 52 ක් හිරේ


2013 පෙබරවාරී 21 වැනිදා තවලම ලංකා බැංකුව කොල්ල කෑ බවට වරද පිළිගත්  දෙදෙනකු රුපියල් විසිපන්දහසක දඩ සහ වසර  පනස් දෙක බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළ  ගාල්ල මහාධිකරණ විනිසුරු කේ බී.කේ හිරිඹුරේගම මහතා එම සිර දඩුවම් වසර පහළොවකදී එකවර ගෙවී යන බව ද ප්‍රකාශ කළේය.

මාපලගමගේ සුජිත් කිත්සිරි සහ හේවගේ සුමිත් හෙවත් ආමි සුමිත්ට චෝදනා හයක් යටතේ නඩු පවරා තිබිණි.