බැංකු කොල්ලයේ සැලැස්ම හිරගෙදරින්


පසුගිය අගෝස්තු මාසයේ හංවැල්ලේදී රාජ්‍ය බැංකුවකට පැන රුපියල් ලක්ෂ 26ක් පැහැරගත් ප්‍රධාන සැකකරු මීපේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.

මහර හා වැලිකඩ සිරකරුවන් දෙදෙනකු කොල්ලය සැලසුම්කර ටී56 ගිනි අවි තුනක්ද සපයා ඇතැයිද කොල්ලයෙන් පසු හිරකරුවන්ගේ කොටස ලෙස රුපියල් අට ලක්ෂයක් හා ගිනි අවි තුන නාඳුනන පුද්ගලයකුට ලබාදී ඇතැයිද පොලිසිය පවසයි.