(ප්‍රසාද් මුතුකුඩ)
වෙනත් අයෙකුට අයත් බැංකු කාඩ් පතක් සොරකම් කොට රුපියල් 4,39000ක් අවස්ථා පහලොවකදි (ඒටිඑම්) හරහා බැංකු ශාඛා පහකදි ලබාගත් කාන්තාවක් (54) මීගමුව පොලීසියේ අපරාධ අංශය විසින් අද(5) අත්අඩංගුවට ගනු ලැබීය.
සදලංකාව ප්‍රදේශයේ පදිංචි සැකකාරිය සොරාගත් බැංකු කාඩ්පත විශ්‍රාමික රජයේ නිලධාරිනියකට (84) අයත් එකකි. ඇගේ මතක ශක්තිය දුර්වල නිසා කාඩ් පතට අදාල රහස් අංකය අත්බෑගයේ තිබු ඇයගේ දින පොතේ ලියා තබා ඇති අතර ඇගේ අත් බෑගය සොරකම් කළ සැකකාරිය පසුගිය මාර්තු 25 සිට අප්‍රේල 4 දක්වා අවස්ථා 15කදී මීගමුව ,සීදුව , රද්දොළුගම , මිනුවන්ගොඩ,ගම්පහ නගරවල ඒ.ටී.එම් යන්ත්‍ර හරහා මුදල් ලබාගෙන ඇත.

