බාහිර උපාධි රැක ගන්න වීදී බසී


විශ්ව විද්‍යාල  බාහිර උපාධි ලියාපදිංචිය වහාම යළි කඩිනමින් ආරම්භ කරන්නැයි  බල  කර සිටිමේ උද්ඝෝෂණයක් බාහිර උපාධි සුරැකීමේ ශිෂ්‍ය  ව්‍යාපාරය කොළඹ වෝඩ් පදෙසේ  පිහිටි උසස් අධ්‍යාපන  අමාත්‍යංශය ඉදිරිපිටදී අද පැවැත්විණි.

‘විශ්ව විද්‍යාල වරම්  අහිමි දුප්පත්  අපිට උපාධිය සිහිනයක්මද’ යන සටන් පාඨය යටතේ  මෙය පැවැත් වු අතර  ඔහුනට කෙසේ හෝ අමාත්‍යංශය වගකිව යුතු  නිලධරයකු සමග ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට  අවශ්‍යය බව  පවසමින් සිසුහු  අමාත්‍යංශය ඉදිරිපිට බිම වාඩි වී  සිටියහ.

උසස් පොලිස් නිලධාරීන්  ඔවුනට පැවසුයේ  අමාත්‍යංශයේ කිසිදු බලධාරියකු  නොමැති බවත් වෙනත් දිනයක එන ලෙසත්ය.

නමුත් ඔවුනගේ දැඩි ඉල්ලීම මත සිසුන් කිහිප දෙනකු  අමාත්‍යංශය තුලට යාමට පොලීසියට ඉඩ දුන් අතර ඔවුහු  එහි ගොස් ගැටළුව පිළිබද අමාත්‍යංශ නිලධාරියකු සමග සාකච්ඡා කළහ.