බාලිකාවට පැන්න සිසුවා රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

කොළඹ යශෝධරාදේවි බාලිකා විද්‍යාලයට තවත් සිසුන් පිරිසක් සමග පැන තිදෙනකුට පහරදී ආරක්ෂක කුටියට හා ප්‍රධාන දොරටුවට හානි කළැයි අත්අඩංගුවට පත් කොල්ලුපිටිය මහානාම විද්‍යාලයේ 12 වැනි වසරේ සිසුවා ලබන 31 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (22) නියෝග කළේය.
යශෝධරා දේවි බාලිකා විදුහලේ විදුහල්පතිනිය කළ පැමිණිල්ලක් මත ගොතටුව පදිංචි එම සිසුවා කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.