බාලිකා විදුහලට පැන්න සිසුවාට ඇප


(නිමන්ති රණසිංහ)

කොළඹ යසෝදරා බාලිකා විද්‍යාලයට ඇතුළු වී තිදෙනකුට පහර දී පාසලේ දේපලවලට හානි කළැයි රිමාන්ඩ් කර මාකොළ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි කොළඹ ජනප්‍රිය පාසලක 12 වැනි වසරේ ශිෂ්‍යයා රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(24) නියෝග කළේය.

ක්‍රීඩාව ඇත්තේ පහත් අවශ්‍යතාවන් සන්තර්පනය කිරීමට නොව, විනයගරුක මෙන්ම ශික්ෂණයකින් හෙබි පුරවැසියකු බිහිකිරීමට බවත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය. තම දරුවා කරන්නේ කුමක්දැයි දෙමාපියන් සොයා බැලිය යුතු බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා දෙමාපියන්ට තරයේ අවවාද කළේය.