ලංකා වෙළෙඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ (සී.එම්.යූ) මැයි දින පෙළපාළිය කොල්ලුපිටිය ගාලු පාරේ දී අද සවස පැවැත්විණි.
පෞද්ගලික අංශයේ විවිධ වෘත්තීය සමිති නියෝජනය කරමින් සේවක සේවිකාවන් විශාල පරිසක් මෙම පාගමනට එක්ව මසිටි අතර පෙළපාළිය අවසානයේ මැයි දින රැලිය කොල්ලුපිටිය 22 වැනි මාවතේ පිහිටි එම සංගම් මූලස්ථානයේ දී සංගමයේ සභාපති මෙන්ම ජ්‍යෙෂ්ඨ වාමාංශික වෘත්තීය සමිති නායක ‘බාලා තම්පෝ‘ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

