බාලා තම්පෝ කළුරිය කරයි


වෘත්තීය සමිති නායකයකු, ලංකා සම සමාජ පක්ෂයේ පුරෝගාමියකු, අපරාධ නඩු පිළිබද නීතිවේදියකු වූ ලංකා වෙළෙඳ සේවක සංගමයේ ලේකම් බාලා තම්පෝ (92) කොළඹ පෞද්ගලික රෝහලක දී අද අභාවප්‍රාප්ත විය.

අවසන් කටයුතු ලබන සිකුරාදා (05) බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට අදහස් කරන බවත් වැඩි විස්තර අද සවස පැවැත්වෙන විධායක කමිටු රැස්වීමෙන් පසු දැනුම් දෙන බවත් ලංකා වෙළඳ සේවක සංගමය කියයි.

ඔහු ලංකා විශ්ව විද්‍යාලයයෙන් හා ලන්ඩන් විශ්ව විද්‍යාලයයෙන් බීඑස්සී උපාධිය දිනා ගත්තේය.

තම්පෝ මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කළේය. 1947 දී රජයේ සේවයෙන් පහ කිරීමෙන් පසුව ඔහු ලංකා වෙළෙඳ සේවක සංගමයට බැඳුණේය.

(බාලා තම්පෝගේ 92 වැනි ජන්ම දිනය වෙනුවෙන් එසැණ පල කළ ලිපිය)

බාල තම්පොට 92යි : සතියට දවස් හයක් වැඩ