(මනෝප‍්‍රිය ගුණසේකර)
අතවරයට ලක් වු බාලවයස්කාර දැරියකට හම්බන්තොට රෝහලේදී ස්ථීර උපත් පාලන සැත්කමක් සිදු කරන ලදැයි කියන සිද්ධියක් පිළිබඳ වහාම පරික්‍ෂණයක් පවත්වන ලෙස වැල්ලවාය මහෙස්ත‍්‍රාත් සහ දිසා විනිසුරු කේසර සමරදිවාකර මහතා ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරයාට හා වෛද්‍ය සභාවට අද(9) නියම කළේය.
අතරවරයට ලක්වු බව කියන දැරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇගේ වම්අතේ උඩ බාහුවේ විශාල තුවාලයක් වෙළුම් පටියක් යොදා ඇති අයුරු නිරීක්‍ෂණය කළ දිසා විනිසුරුවරයා ඒ පිළිබඳ දැරියගෙන් ප‍්‍රශ්න කළ අවස්ථාවේදී හම්බන්තොට රෝහලේදී තමාට උපත් පාලන සැත්කමක් සිදුකළ බව හෙළි කිරීම නිසා එම නියෝගය ලබා දුන්නේය.
පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) ලැබුණු තොරතුරකට අනුව බාලවයස්කාර දැරියකට අතවර කරන ලදැයි කියන සිද්ධිය පිළිබඳව තණමල්විල පොලිසිය විසින් පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.

