ශ්‍රී ලංකාවේ ඒඩ්ස් හැදුණු වයස අවුරුදු 15ට අඩු ළමයි 73 දෙනකු සිටින බව ගාල්ල මහමෝදර රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය දර්ශනී විජේවික්‍රම මහත්මිය පවසන්නීය. ශ්‍රී ලංකාවේ ඒඩ්ස් සෑදුනු 2133 දෙනෙක් සිටිති. මෙරට එච්.අයි.වී. ආසාධිතයන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බවත් පිරිමින් අතර මේ තත්ත්වය වැඩි බවත් වෛද්‍යවරිය කීවාය.

