බාලදක්ෂයෝ දුම්මලසූරිය ජම්බෝරියේ


කොළඹ දිසා බාලදක්ෂ සංගමයට සියවසක් පිරීම නිමිත්තෙන් සංවිධානය කැරුණු ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරිය  දුම්මලසූරිය කට්ටිමහනේදී ආරම්භ විය.

රට පුරා තුන්දහසක් ද ඕස්ට්‍රේලියාව, කැනඩාව, මාලදිවයින, බංගලිදේශය, ඉන්දියාව, පකිස්තානය, කසකස්ථානය හා  එංගලන්තයෙන් පන්සියයක් පමණ බාල දක්ෂයෝ ඊට සහභාගී වෙති.

වයඹ  මහා ඇමති දයාසිරි ජයසේකර මහතා මෙම ජම්බෝරිය විවෘත කළේය. බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා, කොළඹ දිසා කොමසාරිස් රිසා අසුර්, පුහුණු කිරිමේ කොමසාරිස් සරත් ගොඩකන්දආරච්චි ද සහභාගී වෙන මෙම ජම්බෝරිය ලබන 07 දා දක්වා පැවැත්වීමට නියමිතය.

 

 

0a11 01(38) 04(20) 10(17) 22(4)

22(4) 30 32(1) 33(2) 34(1) 36(1)