බාල වැඩක් කළ ලාංකිකයා ඉතාලි පොලීසියේ


මධ්‍යම ඉතාලියේ ටර්නි නගරයේදී කුඩා දියණියන් (අවුරුදු 6, 8, 11) ඉදිරිපිට බිරියට මාස ගණනක් පහරදුන්නැයි සැකපිට තිස් අට හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් ඉතාලි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

රැකියාවක් නැති මොහු පසුගිය දෙසැම්බරයේදී අත්අඩංගුවට ගෙන මුදා හළ නමුත් බිරියට පහරදුන්නැයි පැමිණිලි ලැබී ඇති නිසා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබිණි.

ඔහුගේ පහරකීමට ලක්වූ 38 හැවිරිදි බිරිය වරක් රෝහල් ගතකරනු ලැබීය.