(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බාර් පර්මිට් ලයිස්තුව අද හවසට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පසුගිය සමයේ අයුතු ලෙස බාර් පර්මිට් ලබාගත් අය සම්බන්ධයෙන් කටයුතු කරන්නැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමානික්කම් මහතා සිය කතාවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.