හලාවත මුන්නේශ්වරම් දේවාලයේ මහා මංගල්‍යය අද පැවැත්විණි.
ඊශ්වර දෙයියන්ගේ හා වටිවාම්බිකායි දෙවඟනඟේ (පත්තිනි මෑණියන්ගේ) පිළිරූ රැගත් මහ රථය, කුඩා රථ ද සමඟ වීදි සංචාරය කළේය.
විවිධ බාරහාර ඉටු කරමින් කාන්තාවෝ රැසක් ද මහා රථය ඇදගෙන ගියහ.
අඟහරුවාදා (09) දැදුරු ඔයේ දිය කැපීමේ උත්සවය ද පැවැත්වේ.



