බාරවූ මන්ත්‍රීට ඇප


පසුගිය ජනපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහකාට ආධාර පිණිස අරලගංවිල නගරයේ ප්‍රචාරක රැලියක් අවසානයේ ඔහුගේ ආධාරකරුවන් පිරිසකට පහරදී මිනී මැරීමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ සිය නීතිඥයින් මගින් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට බාරවිය.

ඔහු රුපියල් ලක්ෂ පහ බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් නුවන් තාරක හීනටිගල මහතා නියෝග කළේය.