බාප්පගේ බබා 80,000කට විකුණලා


බාප්පාගේ අතවරයෙන් දියණිට ලද දරුවා බාප්පා විසින් රුපියල් 80,000කට විකිණීමේ සිද්ධියක් සොයා ගත් පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මාස අටකට පෙර විකුණා ඇති බව කියන එම දරුවා මාතලෙන් සොයා ගත්තේය.

පළමු විවාහයේ සැමියා හැර යෑමෙන් පසුව මව මෙම පුද්ගලයා සමග ජීවත් වෙද්දී දියණිය ද අතවරයට ලක් කර ඇතැයි කියති.

දරුවා හදාවඩා ගත් මාපිය යුවළ ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බාප්පා ද, දරුවා විකිණීමට ආධාර හා අනුබල දුන් දෙදෙනෙක් ද ඇත්අඩංගුවට ගනු ලැබ සිටිති.