බාධක බිඳගෙන ගිය අන්තරේටත් - වෙද සිසුන්ටත් ජල ප්‍රහාර - කඳුළු ගෑස්


මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට මීට සුළු මොහොතකට පෙර පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබීය.

ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට යෑම සඳහා ලෝටස් පාරට අවතීර්ණ වූ විරෝධතා කරුවෝ එහි තිබූ පළමු පොලිස් මාර්ග බාධක පෙළ බිඳ ඉදිරියට ගමන් කළ අතර පොලිස් කැරලි මර්දන ඒකකය ඇතුළු පොලිස් භට පිරිස් මාර්ගයේ රැකවල්ලා සිටිති.

IMG_7812 IMG_7827 IMG_7875 IMG_7899 IMG_7914