පොලීසිය පෙරදින වැටලූ පෝද්දල හන්දියේ නිවසට අද උදේ යතුරුපැදිවලින් ආ දෙදෙනකු ලඟ තිබී ව්‍යාජ රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු නමයක් හා පන්සියයේ ව්‍යාජ නෝට්ටු අටක් සොයාගත් බව පොලීසිය කියයි. නිවසේ තිබී භාගෙට මුද්‍රණය කළ හොර නෝට්ටු තොගයක් සහ හොර නෝට්ටු මුද්‍රණයට ගන්නා කඩදාසි තොගයක් ද සොයාගෙන ඇත. සැකපිට ප්‍රශ්න කිරීමට එම නිවසින් පොලීසියට රැගෙන ආ අයට යතුරුපැදි වලින් ආ අයගේ ඥාති සම්බන්ධයක් ඇති බව පොලීසිය පවසයි.