බ්‍රෙෂියා වෙසක් පිංකම


ඉතාලියේ බ්‍රෙෂියා බෞද්ධි විහාරයේ භාරකාර මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන වෙසක් පිංකම මැයි 26 වැනිදා දවස පුරා පැවැත්විණි.

විහාරාධිපති රාජකීය පණ්ඩිත වතෝගල ධම්මික හිමියන්ගේ අනුශාසනා ඇතිව මෝදනා මෛත්‍රී විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමියන්ගේ ද සහභාගීත්වයෙන් පැවැති මෙම පිංකම ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් පැවැත්විණි.

සවස අටවිසි බුද්ධ පූජාවක් ද දන්සලක්ද විය.

බ්‍රෙෂියා හා ඒ අවට නගරවලින් විශාල ශ්‍රී ලාංකික පිරිසක් ඊට සහභාගී වූහ.