බ්‍රිස්ටල් වීදියේ කඩත් කඩයි


කොළඹ කොටුව බ්‍රිස්ටල් වීදිය හෙවත් සර් රාසික් ෆරීඩ් මාවතේ තිබූ අනවසර වෙළෙඳසල් කීපයක් කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව කඩා ඉවත් කළේය.

ආහාර පාන සහිත හොටල, පළතුරු කඩ, සන්නිවේදන මධ්‍යස්ථාන ඇතුළු කඩ සාප්පු විස්සකට අධික ගණනක් ඉවත් කැරිණි.

එම වළෙඳසල් හිමියන් පවසනුයේ මෙම වෙළෙඳසල් දැනට අවුරුදු 30කට අධික කාලයක් තිස්සේ තමන් පවත්වාගෙන ගිය බවයි. මෙම කඩ නියමිත බදු මුදල් ද කොළඹ නගර සභාවට ගෙවා ඇති බවයි.