(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාව එක්සත් රාජධානියේ යටත් විජිතයක්ව පැවැති 1765 - 1900 කාලය අතරතුරදී ඇමෙරිකානු ඩොලර් බිලියන 64820 ක මුදලක් එක්සත් රාජධානිය ඉන්දියාවෙන් කොල්ල කා ඇතැයි ඔක්ස්ෆෑම් රාජ්‍ය නොවන සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ
ඉන් ඩොලර් බිලියන 33800 එක්සත් රාජධානියේ සිටින සියයට 10 ක්වූ ධනවත් පැළැන්තියට ගොස් ඇති බව ද එම සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
ගෝලීය අසමානතා පිළිබඳව ඔක්ස්ෆෑම් සංවිධානය වාර්ෂිකව නිකුත්කරන මෙම වාර්තාව ලෝක ආර්ථික සංසදයේ පළමු රැස්වීම පවත්වනු ලබන දිනයේදී නිකුත් කරනු ලබයි.
ඔක්ස්ෆෑම් යනු අයුක්තිය සහ දුගීභාවය නැති කිරීම සඳහා අසමානතාව ලෝකයෙන් තුරන් කිරීමට සටන් කරන එක්සත් රාජධානිය පදනම්කර ගත් රාජ්‍ය නොවන සංවිධානයකි.