ඉන්දියාව , පකිස්ථානය , බංගලිදේශය, ශ්‍රී ලංකාව ,නයිජීරියාව හා ඝානාවෙන් මහා බ්‍රිතාන්‍යයට ඇතුළු වීම සදහා ලබන නොවැම්බරයේ සිට අය කිරීමට යන පවුම් තුන්දහසේ
( රුපියල් 603000) තැන්පතුවට එරෙහිව නීතීමය අභියෝග එල්ලවනු ඇතැයි ලන්ඩනයේ ඩේලිමේල් පුවත්පත කියයි.
රටවල් කිහිපයකට වෙනස්කම් දැක්වීම මත එම රටවල් නීතීමය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ඇතැයි එම පුවත් පත පවසයි. ලන්ඩනයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසනුයේ මෙතෙක් අනුමැතිය නොලද මෙම නියමු ව්‍යාපෘතියේ අරමුණ ලන්ඩන් ආගමන නීතී අනිසි ලෙස පාවිච්චි කිරීම වැලැක්වීම බවයි.
හය මාසයේ වීසා බලපත අවසන් වීමට පෙර තම රටට ගෙන්වන අයගේ තැන්පතුව අහිමි වනු ඇත. ඉන්දියා වැනි රටවල් එකට එක කරමින් බ්‍රිතාන්‍යයයෙන් ඉන්දියාවට එන අයගෙන්ද එවැනි තැන්පතුවක් ගනු ඇතැයි කියයි.