බ්‍රිතාන්‍ය විදේශ ඇමැති එයි


තම ශ්‍රී ලංකා සංචාරයේදී නව අගමැති රනිල් වික්‍රමංසිහ මහතා හමුවීමටත්,නව ඇමති මණ්ඩලය හා සාකච්ඡා කිරීමටත් බලාපොරොත්තු වන බව බ්‍රිතාන්‍යයේ විදේශ   හා පොදුරාජ්‍ය මණ්ඩලීය  ඇමැති හියුගෝ ස්වයර් කියයි.

ඇමතිවරයා නුදුරු දිනයකදී දිවයිනට පැමිණීමට නියමිත අතර මුල් පෙලේ දේශපාලන නායකයින් හමුවීමත් පසුව උතුරේ සංචාරය කිරීමත් ඔහුගේ අරමුණු වේ.

උතුරු සංචාරයේදී උතුරු පළාත් මහඇමතිවරයා හමුවීමටත්, විවිධ රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයින් හමුවීමටත්, යාපනයේ ක්‍රියාත්මක බ්‍රිතාන්‍යය කවුන්සිලයේ වැඩකටයුතු පිළිබඳව සොයාබැලීමටත් ඔහු සැළසුම් කර ඇත.

පසුගිය සමයේ මෙන් නොව මෙවර ශ්‍රී ලංකාවට ශක්තිමක් දේශපාලන පදනමක් වැටී තිඛෙනු දැකීම සතුටට කරුණක් බව ඇමතිවරයා කියයි.මෙනිසාවෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට බ්‍රිතාන්‍යයයේ සහය නොඅඩුව ලැබෙනු ඇති බවද ඔහු සහතික කරයි.